Subscribe:

Pages

Tuesday, January 24, 2012

BuzzRadio - Android App

බස් රේඩියෝවට දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් පාදක ජංගම දුරකතනය ඔස්සේද සවන් දිය හැක. ඒ සඳහා පහත ඇප්ලිකේෂනය ඔබගේ ජංගම දුරකතනයට එකතු කරගන්න. ඊට අමතරව ඔබ කැමති ගීත ඉල්ලිම්ද  ඇප්ලිකේෂනය හරහාද එවිය හැක.

BuzzR

QR code 
ඔබේ ජංගම දුරකතනයේ එය දිස් වන අයුරු


Sunday, January 22, 2012

ගීත හඳුන්වාදීම්

විවිධාකාර වූ සින්දු රාශියක් ඔබ වෙනුවෙන්ම රැගෙන එන බස් රේඩියෝ වෙතින් නවකයන්ට අතහිතදිමටද අමතක කරන්නේ නෑ.. බ්ලොග් සහෘදයකු වන නජත් අක්‍රම් විසින් ඔහුගේ බ්ලොග් අඩවියේ  රචනා කරන ලද පදපෙළක් සංගීතවත් කර ගීතයක් ලෙසින් එලි දක්වා තියෙනවා.



ගීතය : තනි වී
ගායනය සහ තනුව : සුසිත චාමිකර (මොරටුව විශ්ව විද්‍යාලයේ QS )
පද රචනය: නජාත් අක්රම් (රුහුණ විශ්ව විද්‍යාලයේ- ඉංජිනේරු පීඨයේ) 



නවක ඔබගේ නිර්මාණ බස් රේඩියෝවේ විකාශය කිරීමට අප සුදානම්..

Friday, January 20, 2012

කතාබස් පටිගතකල වැඩසටහන්

තාක්ශණික ගැටලුවක් නිසා පමා වූ කතාබස් අවසන් කොටස් දෙකෙහි පටිගත කල වැඩසටහන් වලට ඔබට පහතින් සවන්දෙන්නට පිලිවන්...

කතාබස් 13 වන පියවර - සුදත්ත සාදුගේ දිනපොත ලියූ තරිඳු සමගින්


කතාබස් 14 වන පියවර - කාලිංගගේ බ්ලොග් සටහන ලියන කාලිංග ඇතුලත්මුදලි සමඟින්



ඔබසැමට ස්තූතියි...

Wednesday, January 11, 2012

බස් මැගසින් - අළුත් අවුරුද්දේ පලමු වැඩසටහන..

අහලා තියෙනවාද ලංකාවේ ආදර අන්දරයන් ගැන. 
කොනක ඉඳන් පටන් අරගෙන 
ලංකාවේ ආදර අන්දරයන් ගැන කතා කරමු
හෂිත අබේවර්ධන සමග
එකතු වන්න 2012 ජනවාරි 11 වැනිදා රෑ අටහමාරට.
බස් රේඩියෝවට..

Friday, January 6, 2012

රේඩියෝ චිත්‍රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ


2012 වර්ශයේ ආරම්භයේදී බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ කණ්ඩායම අළුත් වැඩකට අත තිබ්බා. ඒ තමයි හින්දි චිත්‍රපටි රේඩියෝ චිත්‍රපටියක් විදියට බස්රේඩියෝව හරහා විකාශය කරන්නට .ඒ සඳහා අපි මුල්ම පියවර විදියට තෝරගත්තේ සාවරියා චිත්‍රපටිය. ඉතින් අප මුහුණූපොත හරහා කරපු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වලා අපිත් එක්ක එකතු වුණ හඬ නළු නිළියන් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටයේ අප පටිගත කිරීම් සිදුකරා.

Saawariya හඬ දායකත්වය :-
- තිසර මධුවන්ත
- අශාන් ඉමන්ත
- රශ්මි රවීනා
- මොහොමඩ් සබීත්
- ඉන්දිකා අධිකාරි
- කාවින්ද්‍යා රත්නායක

රේඩියෝ තිර පිටපත : කාවින්ද්‍යා රත්නායක
අධ්‍යක්ෂණය : ආසිරි දළුගම
සංස්කරණය හා පටිගත කිරීම : දුලාන් ආසිරි
පරිවර්තනය - බස් රේඩියෝව වෙනුවෙන් දිනේෂ් සංජය (මානස විල)

2007 අවුරුද්දේ සංජය ලීලා බන්සාලීගේ අධ්‍යක්ෂණයක් විදියට බොලිවුඩ් රිදී තිරයට එක්වුණ සාවරියා රන්බීර් කපූර් ගේ හා සෝනම් කපූර් ගේ රංගනයන්ගෙන් ආලෝකමත් වුණා. මෙම දෙපල සිය සිනමා ගමන ආරම්භ කරන්නෙත් මේ සාවරියා චිත්‍රපටයෙන්. සාවරියා සංගීතවත් කරේ මොන්ටි ශර්මා. රන්බීර් කපූර් (රාජ්),සෝනම් කපූර්(සකීනා),රාණී මුඛර්ජි(ගුලාබ් ජාන්),සල්මන් ඛාන්(ඉමාන්) මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.

මේ රේඩියෝ චිත්‍රපටය ළඟදීම සඳුදා රාත්‍රී 8.30ට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ හරහා මේ ශ්‍රවණය කරන්න ඔබට අප ආරාධනා කරනවා. ඒ වගේම ඔබ කැමති චිත්‍රපට තියෙනවා නම් ඒවාත් අපිට කියන්න නැතිනම් ඔබට පුළුවන් එය පිටපතකට රචනා කරලා අපට යොමු කරන්න ඒ සඳහා පහත ඊ ලිපින භාවිතා කරන්න.

ඔබත් අපේ හඬ නළු නිළි සංචිතයට එකතු වෙන්න කැමති නම් ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය දක්වා request@buzzradio.lk වෙත හෝ info@buzzradio.lk වෙත ඊමේල් කරන්න. මතක ඇතිව Subject එක විදියට VOICE ARTIST යන්න සටහන් කරන්න අමතක කරන්න එපා.


<<< බස් රේඩියෝ බොලිවුඩ් ෂෝ  Dj Dula & Dj Kavi සමඟ සෑම සඳුදාවකම රාත්‍රී 8.30ට >>>