Subscribe:

Pages

Saturday, June 23, 2012

තඹර විල 2012 දෘෂ්‍ය මානය විනිවිද දකින්නට




ඉංජිනේරුවා යනු වනපොත් කිරීමෙන් තොර වූ ප්‍රායෝගික පුද්ගලයෙක් විය යුතු අතර ඔහුගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම නම් දන්නා තාක්ෂණික දැනුම යොදා ගනිමින් නිර්මාණශීලී දෙයක් සමාජයට එක් කිරීමයි. ගණිත අංශයෙන් උසස් පෙල විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයා වැඩි ම ලකුණු පරාසය තුලට පිවිසීමෙන් ඉංජිනේරුවෙක් වීමට සුදුසුකම් ලබයි. නව සංකල්ප, නව නිර්මාණ ආදිය ඉලක්ක කර ගනිමින් යන්ත්‍ර සුත්‍ර අතරේ ගෙවී යන ඉන්ජිනේරුවාගේ ජීවිතය බෙහෙවින් ම යාන්ත්‍රික බව සමාජයේ පිළි ගැනීමයි. ඒ මිත්‍යාවට අතුල් පහරක් දෙමින් 2012 වසරේත් තඹර විල පිරිනමන්නට රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සැරසෙයි.

ඉංජිනේරු සිසුවා සාම්ප්රතදායික අධ්යාපපන රටාවෙන් මිදී උසස් කලා රසවින්දනය සෙවීමේ ව්යාපයාමය තඹර විල යි. දෛනික ජීවිතයේ හමු වන නිබන්ධන, වාර්තා, ප්රා යෝගික පරීක්ෂණ වලින් හෙම්බත් වුණු විශ්ව විද්‍යාල ජීවිතයෙන් මිදීම මෙන් ම ඉංජිනේරු සිසුවාගේ සැඟවී ඇති කලා හැකියාවන් ඉස්මතු කිරීමේ
වේදිකාවක් ලෙස ද තඹර විල මහා කලා මංගල්යනය හැඳින්විය හැකි ය. රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක කලා හැකියාවන් බාහිර සමාජයට එලි දැක්වීම අරමුණු කොට ගත්, තාක්ෂණයෙන් ඔබ්බට ගිය සිතුවිලි වලින් හැඩ කෙරුණු අසිරිමත් කලා මංගල්යකයක සිරි ගත් “තඹර විල” 2012 ජුනි මස 24 වන දින ප.ව. 3.00 සිට ප.ව. 7.00 දක්වා කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඔබ වෙනුවෙන් පිරිනැමෙනු ඇත. ගායන, නර්තන, වාදන ආදියෙන් සුසැදි එය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇති අතර ප්‍රයවේශ පත්‍ර එදින දොරටුවෙන් මිලදී ගත හැකි ය. මේ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝවෙනි

3 comments:

Chamal Randeniya said...
This comment has been removed by a blog administrator.
drlahiru said...
This comment has been removed by a blog administrator.
Manoj Priyankara said...
This comment has been removed by a blog administrator.

Post a Comment