Subscribe:

Pages

Friday, March 30, 2012

රේඩියෝ චිත්‍රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ - I Hate Luv Storys




ඔබට මතක ඇති අප කලින් නිශ්පාදනය කරපු සාවරියා රේඩියෝ චිත්‍රපටය. ඒ සදහා ලැබුණ ඉහල ප්‍රතිචාර නිසා තවත් චිත්‍රපටයක් අප නිශ්පාදනය කරන්න සුදානම් වුණා. ඒ අනුව තමයි අපි තීරණය කරේ අයි හේට් ලව් ස්ටෝරිස් චිත්‍රපටය නිශ්පාදනය කරන්න.

I Hate Luv Storys - හඬ දායකත්වය
ජේ   - අචල ප්‍රභාශ්වර
සිම්රන් - කාවින්ද්‍යා රත්නායක
රාජ් -  JD Da Shady (ජේ.ඩී)
වීර් - රුචක සඳරුවන් 
කුනාල් - ශශාංක විශ්වජිත්
නිධී - ශමිලා ලක්ෂානි
ජිසෙල් - රුවිනි දයාරත්න

කථනය  - ශානිකා කෝදාගොඩ
විශේෂ රංගනයන් - දුලිප් සිකුරාජපති ; ඉන්දිකා අධිකාරි

රේඩියෝ තිරපිටපත : දිනේෂ් සංජය | මානස විල
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය : ආසිරි දළුගම

නිල අයිතිය -  ධර්මා චිත්‍රපට සමාගම (ඉන්දියාව) සමඟින්  බස්රේඩියෝ  (ශ්‍රී ලංකාව)


2010 වර්ශයේ පුනිත් මල්හෝත්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද අයි හේට් ලව් ස්ටෝරිස් චිත්‍රපටය
නිශ්පාදනය කරන ලද්දේ යාශ් ජොහාර්, කරන් ජොහාර් හා රොනි ස්ක්‍රිව් වාලා විසිනි.

චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ඉම්රාන් ඛාන් සෝනම් කපූර් ප්‍රධාන චරිත ලෙසිනි.
සුපුරුදු ආදර අන්දරයක් නුපුරුදු ලෙසින් දැනෙන බව මේ චිත්‍රපටයෙන් කියැවෙනවා.

මෙම චිත්‍රපටය ධර්මා චිත්‍රපට සමාගම වෙතින් නිල වශයෙන් ලබාගත් අප 2012 අප්‍රේල් මස 02 වනදා සිට බස්රේඩියෝවේ බොලිවුඩ් ෂෝ වෙතින් සෑම සඳුදාවකම රාත්‍රී 8:30ට කොටස් වශයෙන් සිංහල රේඩි යෝ චිත්‍රපටය ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව සලස්වා දී තිබෙනවා.



ඔබට අප ආරාධනා කරනවා සඳුදා සිට මේ චිත්‍රපටය අහන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා
ඒ වගේම ඔබ කැමති චිත්‍රපට තියෙනවා නම් ඒවාත් අපිට කියන්න නැතිනම් ඔබට පුළුවන් එය පිටපතකට රචනා කරලා අපට යොමු කරන්න ඒ සඳහා පහත ඊ ලිපින භාවිතා කරන්න.

ඒ වගේම ඔබත් අපේ හඬ නළු නිළි සංචිතයට එකතු වෙන්න කැමති නම් ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය දක්වා info@buzzradio.lk වෙත ඊමේල් කරන්න.
මතක ඇතිව Subject එක විදියට Bollywood Show යන්න සටහන් කරන්න අමතක කරන්න එපා.

www.facebook.com/BuzzRadioLk
www.facebook.com/groups/buzzradio

<<< බස් රේඩියෝ බොලිවුඩ් ෂෝ  Dj Dula & Dj Kavi සමඟ සෑම සඳුදාවකම රාත්‍රී 8.30ට >>>

7 comments:

තුෂානි said...
This comment has been removed by a blog administrator.
Loku John said...
This comment has been removed by a blog administrator.
ඔබ නොදු‍ටු ලොවක් said...
This comment has been removed by a blog administrator.
Shani said...
This comment has been removed by a blog administrator.
Dulan Asiri Dalugama said...
This comment has been removed by a blog administrator.
Dulan Asiri Dalugama said...
This comment has been removed by a blog administrator.
Dulan Asiri Dalugama said...
This comment has been removed by a blog administrator.

Post a Comment