Subscribe:

Pages

Sunday, August 28, 2011

කතාBuzz 2011 09 01

බස් රේඩියෝව හඳුන්වාදුන් නවතම අත්දැකීම, කතාBuZZ මංගල වැඩසටහනට ලැබුණු සුභපැතුම් ගොන්නක් තුරුළු කරන් අපි කඩිමුඩියේ සූදානම් වෙන්නේ කතාBuZZ දෙවෙන් පියවර ඔබ වෙත ගෙන එන්න…

සිංහල බ්ලොග් අවකාශයේ දිදුලන තවත් ජනප්‍රියම බ්ලොග් සහෘදයෙක් මේ සතියේ ඔබ වෙනුවෙන් අපිත් එක්ක කතා කරන්න ලෑස්තියි…

Friday, August 26, 2011

පැදුරු පාටිය - නිල රේඩියෝවේ ප්‍රථම සජීවිකරණ අත්දැකීම

බස් රේඩියෝව නිල වශයෙන් ආරම්භ කල පසු ප්‍රථම සජීවි කරණ අත්දැකීම "බස් රේඩියෝ පැදුරු සාජ්ජය" අද දුෂාන් කරවිට හෙවත් කටකහන කතා ලියන දුමීගේ නිවසේදී පැවැත්වීමට නියමිතය. මේකට නවරත්න ගමගේ මහත්මයා සමග බස්රේඩියෝ අපි සමගින් බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් සහභාගී වීමට නියමිතයි.. ඉතින් අද රෑ දහයේ ඉඳන් බස් රේඩියෝවෙන් ඒ පැදුරු සාජ්ජයට සජීවිව ඔබට සවන්දෙන්න පුළුවන්.. ඉතින් එකතුවන්න අද රෑ දහයේ සිට බස්රේඩියෝවේ නවතම සජීවී අත්දැකීමත් සමග.. 


Thursday, August 25, 2011

කතාBuZZ


සිංහල බ්ලොග් ලියන, බස් පදින අපේ සලකුණ අන්තර්ජාල රේඩියෝ කලාවේ සිත්තම් කල බස්‍ රේඩියෝව, ඔන්න තවත් අලුත් වැඩකට අත ගහනවා…

අන්තර්ජාල සමූහයන් එක්ක සසඳද්දී සිංහල බ්ලොග් කමියුනිටි එක කියන්නේ මහා විසාල වපසරියක් නොවුණත්, එහි ජනප්‍රිය බ්ලොග්කරුවෙක් වීම පුංචි පහේ අභියෝගයක්… මේ අභියෝගය සාර්ථකව ජයගත් ඔබේ ප්‍රියතම බ්ලොග් තරු එළඹෙන බ්‍රහස්පතින්දා පටන් සෑම සතියකම රාත්‍රී 8.30 ට බස් රේඩියෝවට ගොඩවදීවි…

Saturday, August 13, 2011

හින්දි චාර්ට් ෂෝ


බස් රේඩියෝ වෙතින් අළුත්ම වැඩක්. අපිට එහා පැත්තේ තියෙන රටේ කොටින්ම කිව්වෝත් ඉන්දියාවේ බොලිවුඩ් කිව්වහම අපි හැමෝම දන්න කියන කේෂත්‍රයක් නේ. අද ලෝකයේ දෙවැනියටම විශාලතම සිනමා කර්මාන්තය තියෙන ඉන්දියාවේ නිශ්පාදනය කරන චිත්‍රපටි ලෝකයේ ඉතාම ජනප්‍රියයි. මේ චිත්‍රපටවල තියෙන ගීත අහන්න වගේම බොලිවුඩයේ වෙන අළුත්ම සිද්දි අපි දැනගන්න හරිම ආසයි. ඉතින් ඒ වෙනුවෙන් බස් රේඩියෝවේ අපි බදාදා රෑ 8 ට ගේනවා බස් රේඩියෝ හින්දි චාර්ට් ෂෝ. මෙන්න අපේ ගීත ලැයිස්තුව

Tuesday, August 2, 2011

බස් රේඩියෝ චාට් ෂෝ


විවේකි සති අන්තයේ බස් රේඩියෝ ශ්‍රාවක ඔබ වෙනුවෙන්ම සෙනසුරාදා රාත්‍රී 8.30 සිට චාට් ෂෝ එකක් පැවැත්වීමට අප අදහස් කළා. අප විසින් මුහුණු පොතේ පෝල් එකක් මගින් ඔබේ කැමැත්ත විමසා වැඩිම මනාප ලබා ගත් ගීත දහයක් අනුපිළිවෙලින් තෝරා ගනු ලබනවා.