Nokia Internet Radio සදහා සහය දක්වන දුරකතන මාදිලි
Nokia N95 Nokia N93i Nokia N91
Nokia N85 Nokia N82 Nokia N81
Nokia N79 Nokia N78 Nokia N77
Nokia N76 Nokia N75 Nokia N73
Nokia E75 Nokia E71 Nokia E66
Nokia E65 Nokia E63 Nokia E61i
Nokia E51 Nokia 6720 classic
Nokia 6710 Navigator Nokia 6210 Navigator
Nokia 6120 classic Nokia 6110 Navigator
Nokia 5320 XpressMusic

Step 1
ඔබේ දුරකතනයේ Music මෙනුවට යන්න.
Step 2
Music මෙනුව තුල Radio නමින් Application එකක් ඇති. ඒක open කරගන්න.
එවිට FM Radio සහ Internet Radio යනුවෙන් options 2 දකින්නට ලැබේවි. එයින් Internet Radio තෝරා OK කරන්න.
දැන් ඔබට මේ ආකාරයේ තිරයක් ලැබේවි.
දැන් ඇත්තේ දහසකුත් online radio channels අතරින් Buzz Radio ව සොයා ගැනීමයි. ඒ සඳහා Station directory තුලට යන්න. එවිට පහත ආකාරයේ මෙනුවක් දර්ශනය වේ.
එහි ඇති Browse by country/region යන්න select කර එන මෙනුවෙන් Sri Lanka ලෙස සර්ච් කරන්න. මෙහිදී Sri යන්න ටයිප් කරන විට Sri lanka යන්න දිස්වේවි. පසුව Sri Lanka යන්න select කරන්න.
දැන් ඔබට ශ්‍රී ලංකාවෙන් විකාශනය වන සියලුම නාලිකා දක්නට ලැබේවි. ඒ අතරින් 5 වන අයිතමය වන Buzz Radio ලෙස ඇත්තේ අපගේ බස් රේඩියෝවයි.
බස් රේඩියෝව Favourite channel ලැයිස්තුවට එකතු කරගන්නා ආකාරය
ඔබ පෙර පරිදි බස් රේඩියෝවට සවන් දෙමින් සිටින අතර එය ඔබගේ Favourite channel ලැයිස්තුවට එකතු කරගත හැක. එවිට මීලගට ඔබ බස් රේඩියෝවට සවන්දීමට පැමිනෙන විට පහසුවෙන් play කර ගැනීමට හැකිවේ.
ඉන් පසු එම මෙනුවෙහි ඇති Add to Favourites යන්න select කරන්න. දැන් Buzz Radio ඔබගේ ප්‍රියතම චැනල ලයිතුවට එක්වී ඇත. එය බලාගැනීමට Internet Radio මුල්ම මෙනුව මතට යන්න. එහි ඇති Favourites යන්න select කරන්න.

ඔබ දැන් කිසිදු අපහසුවකින් තොරව යන එන ගමන් වුවද Buzz Radio වට සවන් දිය හැක. මෙය stream වන්නේ 24kbps බෑන්ඩ්විත් එකට අනුවයි. මේ සඳහා ඔබට Mobile Data Plan එකක් ඇත්නම් වඩා යෝග්‍ය වේ. මන්ද යත් විනාඩි 5 කාලයක් සඳහා 900Kb පමන ඩවුන්ලෝඩ් වීමක් සිදුවෙන බැවිනි.
සැලකිය යුතුයි - මෙහි පින්තූර වලින් දක්වා ඇත්තේ මා සතු Nokia N79 දුරකතනයේ මෙය සකසා ගන්නා ආකාරයයි. Internet Radio ඇප්ලිකේශනය වෙත පිවිසෙන ආකාරය දුරකතනයෙන් දුරකතනයට වෙනස් විය හැකි වුවත් ඔබ Nokia Internet Radio තුලට පිවිසි පසු දකින්නට ලැබෙන මෙනු වල වෙනසක් නොවනු ඇත.
ලිපිය සැකසුවේ රජිත් විජේපුර
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪












18 comments:
මගේ තියෙනෙන Nokia 5320 XpressMusic
ඒත් මේ විදිහට නැහැ
මොන රටේද මේ සර්වර් එක තියෙනෙන
Great achievement..!
Good Luck
N 5230 support naddoo...!!
මල්ලි මගේ තියෙන්නේ Nokia 6120 classic එකක් ඒකේ ශ්‍රී ලංකාව යටතේ බස් රේඩියෝව පෙන්නන්නේ නැහැනේ බං තවම... අනිත් ඒවනං 40ක් විතර තියෙනවා... පොඩ්ඩක් හොයලා බලලා කිව්වනං..
හොව awesome my phone is Nokia 6120 classic :D :D
Nokia 6120 classic එකේ පෙරණිමියෙන් ඔය මෘදුකාංගය තිබ්බෙ නැහැ.. මං කලේ මෙන්න මේක දාගත්තා.. අපුරුවට වැඩ :D
http://store.ovi.com/content/5354?clickSource=search
ස්තූතියි.!
nokia 5800 express music walata berida?
kawda oya pissu redio ahanne?
@ ම - Internet Radio වලට පිවිසෙන විදියේ වෙනසක් ඇති. ඒත් ඔයාගේ ෆෝන් එකේ Internet Radio ඇප්ලිකේෂන් එක තියනවා. බැරි වෙලාවත් එහෙම නැත්තං බනී දාල තියන ලින්ක් ඒකෙන පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ගන්න. මේක වෙනම සර්වර් එකක් නෙමේ. මේ ඇප්ලිකේෂන් එක හරහා අපි කෙලින්ම කනෙක්ට් වෙන්නේ බස් රේඩියෝ එක stream කරන සර්වර් එකට. බස් රේඩියෝ එකේ කට්ටිය එයාලගේ සර්වර් එක Nokia Internet Radio වැල රේජිස්ටර් කරලා තියෙන්නේ
@ තිස්ස අයියා - වැපානිස් ගේ ඉල්ලීම පිට තමා ඉතින් මම ඕක ලියල දුන්නේ. ස්තුතියත් හිමිවිය යුත්තේ වැප් ඇතුළු බස් රේඩියෝ උදවියටම තමා :)
@ කුමාර අයියා - අයියා ආයෙත් පාරක් සර්ච් කරලා බලන්න. දැන් එන්නේ 4 වෙනියට. හැබැයි නැතුව යන්න බෑ.
@ බනී - මට මේක අහු වුනේ නෑ. ඔයා දාපු එක හොදයි. දැන් සිම්බියන් ෆෝන් තියන ඔක්කොටම පුළුවන් ඔයාගේ ලින්ක් ඒකෙන ගිහින් ඇප්ලිකේෂන් එක දාගන්න. ස්තුතියි ලින්ක් එක දුන්නට.
@ 1st Anonymous - ලිස්ට් එකට අනුවනම් ඔයාගේ ෆෝන් එක තිබ්බෙත් නෑ. ටිකක් බලන්න ෆෝන් එකේ. නැතුව ගියොත් බනී දාල තියන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
@ 2nd Anonymous - ඔයාගේ ෆෝන් එකට default එන්නේ නැතුව ඇති. මොකද ඒ ලිස්ට් එකේ ඔයාගේ ෆෝන් එක තිබ්බේ නෑ. බනී දීපු ලින්ක් ඒකෙන් ගිහින් ඇප්ලිකේෂන් එක දාගන්න. එතකොට වැඩේ හරි. ඔය බනියටත් හරි ගිහින් තියෙන්නේ.
@ last Anonymous - අපිනං ඒ පිස්සු රේඩියෝ එක (ඔබ වැනි බුද්ධිමතුන්ට අනුව) අහනවා. ඔයාට කවුරුත් බලෙන් අහන්න කියල නෑ. මේ ලිපිය දාල තියෙන්නේ ඒ රේඩියෝ එක අහන අයට විතරයි.
සෝනි එරික්සන් ෆෝන් වල අහන්න බැරිද? ELM PHONE එකක් මා ලඟ තියෙන්නෙ ......
5230එකට අර බනී කියල තියෙන සොෆ්ට්වෙයා එක වැඩ නැ
mama me gana mulinma buzz ekkadi kiwa. Mokada oyala radio eka myradiostream eke run karana kalet mma ahuwe nokia internet radio eken. Danut ehemai. Ovi store eke soft eka tiye. Streaming support karana onema symbian phn ekaka ahanna puluwan me wage app ekak dagattot. E natat real player tiye nm phone eke, eken unat ahanna puluwan. Buzz radio site eke tiyena real player file eka phn ekata aragena real 'layer eken open karaganna. Habai real player settings wala streaming settings hadanna one.
Ovi Store එකෙන් ඇප් එක ගන්න පුළුවන්.
නොකියා S60v5, S60v3 ඔක්කොම ෆෝන් වලට ඒක සපෝර්ට්.
අනේ මගේ එකේ පෙන්නන්නේ නැ නොවැ. මොකද මේකට හේතුව?? Buzz Radio කියල එකක් ලංකාවේ රිජන් එකේ නැ නේ??
යේ යේ මගෙ Nokia 5800 xpress music එකෙත් වැඩ එළකිරි වගේ :p
nokiya c5 wage 4n walath meka wada ekath add kara ganna man kalin idalama ahanne c5 4n eke radio eken
මේකට ANDROID APP එකක් හදන්නකෝ
@Biriya biri
http://blog.buzzradio.lk/2012/01/buzzradio-android-app.html
අපේ android ඇප් එක ගැන මෙතන විස්තර
තියෙනවා
Post a Comment