Subscribe:

Pages

Wednesday, June 12, 2013

මා ආ මග - පලමු පියවර - [Podcast 1]

මා ආ මග - ලක්මාල් කන්දෙවිදාන සමගින් ගෙන ආ පලමු සජීවී වැඩසටහන සාර්ථක ලෙස නිමාවට පත් වූ අතර පැය දෙකකට ආසන්න කාලයක් දැනුම විනෝදය පිරි වැඩසටහනක අත්දැකීම විඳගැනීමට අසන්නන්ට හැකියාව ලැබිණ.

එදින සජීවීව වැඩසටහන ශ්‍රවණය කිරීමට නොහැකි වූ අයට පහත සබැදිය තුලින් වැඩසටහන රසවිඳිය හැක.


Direct Link


Buzz Radio
  Million Songs with Hundreds of DJs
www.buzzradio.lk | බස්රේඩියෝ.ලංකා
info@BuzzRadio.lk

 අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත  

Sunday, June 9, 2013

මා ආ මග පලමු පියවර - අටම්පහුර

අන්තර්ජාල රේඩියෝ කලාවේ නව මානයන් සොයා ගිය බස් රේඩියෝවෙන් ඔබට තවත් නවමු අත්දැකීමක්. දන්නා අයෙකුගේ නොදන්නා වත සොයා යන, "මා ආ මග" සජීවී රේඩියෝ පිලිසඳර 2013-06-09 වනදා සිට සෑම ඉරුදිනකම රාත්‍රී 8.30 පටන් දෙහෝරාවක් පුරාවට බස් රේඩියෝව ඔස්සේ විකාශය වේ.




බ්ලොග් අඩවි තුලින් හඳුනා ගත් අයෙකුගේ, බ්ලොග් අඩවියෙන් අපට නොපෙනෙන ඔහු/ඇය පිළිබඳ අපි අසා බලමු. ආරම්භක වැඩසටහනින් ඔබ හමුවන්නේ  ඔබ කවුරුත් හොඳින් හඳුනන, බොහෝ ජීවන අත් දැකීම් වලින් සපිරි අටම්පහුර බ්ලොග් අඩවියේ , ලක්මාල් කන්දෙවිදාන මහතායි. 

දැනුම විනෝදය සපිරි දෙහෝරාවක් ගතකිරීමට ඔබත් නොවැරදීම මේ ඉරිදා රාත්‍රී 8.30ට බස් රේඩියෝව හා රැඳෙන්න. වැඩසටහන මෙහෙය වීමෙන් දායකත්වය ලබා දෙන්නේ ඕනමැන්ටල් / ඕනයා හෙවත් දුලිප් සිකුරාජපති මහතාය.
වැඩසටහන වෙනුවෙන් නිශ්පාදනය කල පූර්ව ප්‍රචාරක පටයයි මේ..



සීමිත පිරිසකට සජීවීව අටම්පහුර ඇමතීමට අවස්ථාව ලබා දිය හැකි අතර වැඩි විස්තර සඳහා prog@buzzradio.lk යන විද්‍යුත් ලිපිනයෙන් සම්භන්ධ වන්න.

සයිබර් අවකාශයේ සහෘදයෙකු සමග ගෙවෙන දැනුම  විනෝදය පිරුණු රසවත් කතාබහ. සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට, "මා ආ මග" සමගින් ඔබත් එක් වන්න.


Buzz Radio
  Million Songs with Hundreds of DJs
www.buzzradio.lk | බස්රේඩියෝ.ලංකා
info@BuzzRadio.lk

 අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත  

Saturday, May 4, 2013

ජීවිතයක් බෝ කරන්න ලේ බිඳක් දන්දෙන්න - ඔබා මාමා වෙනුවෙන් අපි

මෙයට වසරකට පෙර අප අතුරින් වියෝ වූ සනත් විජේවර්ධන එසේත් නැතිනම් "ඔබා මාමා" ට පිං පිණිස අන්තිම පේළියේ හිතවතුන් විසින් සංවිධානය කල ලේ දන්දීමේ පිංකම, 
මාධ්‍ය ශක්තිය බස් රේඩියෝව.

පහතින් ඇත්තේ ලිශාන් පුවක්ඕවිට සොයුරාගේ කැමරාවේ සටහන් වු දසුන් වේ.

  

   
සම්පූර්ණ පින්තූර ඇල්බමය

බස් රේඩියෝව සමඟ කරන ලද සම්මුඛ සාකච්චාව


Friday, April 26, 2013

ජීවිතය බෝ කරන්න ලේ බිඳක් දන් දෙන්න


       ජීවිතය කියන්න අපි හැමෝටම අයිති දෙයක්, ඒ ජීවිතය වඩාත් වර්ණවත් වෙන්නේ අපි ඒ වෙනුවෙන් ජීවිතය සඳහා තමන්ට අයිති යුතුකම් සහ වගකීම් කොටස හරියට ඉටු කරනවා නම් පමණයි, කලයුතු යුතුකම් කොටස් කෙනාගෙන් කෙනාට මෙන්ම සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් වෙනවා මෙන්ම මෙන්න මේ තමා යුතුකම් හෝ මෙන්න මේ තමා වගකීම් කියා කැටගරි ගත කර පෙන්වන්නට හැකියාවක් නෑ.., ඒ උක්ත ක්‍රමවේදයන්ගේ විචල්‍ය භාවය නිසාවෙන්මයි.
එකිනෙකාට තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්න හෝ සිය වගකීම හරි හැටි ඉටු කරන්නට වෙරදරන මානසිකත්වයක් තුල ඒ යුතුකම් හා වගකීම් අනෙකාගේ සුඛවිහරණය සඳහා කුඩා හෝ දායකත්වයක් පලකරන්නට හැකියාව ලැබෙන අවස්ථා රාශියක් අවට ලෝකය තුල අපට ලක්ෂ්‍යගත කර පෙන්වන්නට පුලුවන්..., ලේ දන්දීම ඉන් එක දායකත්වය පලකිරීමක්. එහෙව් ලේ දන්දීමේ පින්කමකට මුල පුරන්නට අන්තිම පේලිය හෙවත් the last row කණ්ඩායම මුල පුරා තිබීම අද්විතීයයි.
ඔවුන් එයට නිමිත්තක් කරගෙන ඇත්තේ මෙයට වසරකට පෙර අප අතුරින් වියෝ වූ සනත් විජේවර්ධන සහෘදයාවයි.., බ්ලොග් ලෝකය තුල Observer නො එසේනම් "ඔබාමාමා" යන ආදරණීය නාමකරණය ලැබූ ඒ අපූරු පුද්ගලයාට පිං පිණිසයි. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අප්‍රියෙල් මස 28 වන ඉරු දින උදෑසන 9 සිට සවස 3 දක්වා සිදු කෙරෙන මේ පිංකමකට වඩා යුතුකමක් වන මේ ඉසව්වට අන්තිම පේළියේ සහෘදයින් ඔබ හට ආරාධනා කරන්නේ සුපුරුදු හිතවන්ත බවින්ම යි.
මේ ඉසව්ව සඳහා මාධ්‍ය දායකත්වය දක්වන බස්‍ රේඩියොව ඔබව නිරතුරුවම දැනුවත් කරනු ලබන අතර මේ වනවිටත් මූණුපොත් හරහා පැතිරෙන අදාල ඉසව්වේ තොරතුරු රැගත් පෝස්ටර ඔබට ඒ සඳහා සහභාගි වීමට පාර කියනු ලබනවා ඇති. 



එන්න ජීවිතයක් ජීවත් කරවන්න ජීව හුස්ම පිඹින්න ලේ බිඳක් දන් දෙන්න..!

Friday, April 19, 2013

සයිබර් සිහින සැණකෙළිය 2013


සයිබර් අවකාශය තුල තෙවන වරටත් පවත්වන සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සාඩම්බර නිළ මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ වෙතිනි.ඒ හා සමගාමිව සජීවී විකාශය බස් රේඩියෝ හරහා විකාශය කිරීමට බස් රේඩියෝ කණ්ඩායම සුදානම්. අප්‍රේල් මස 21 දින උදෑසන 9.00 සිට සවස 4.00 තෙක් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේ සිට ගෙන එන සජීවි විකාශයට ඔබත් සවන් දෙන්න..


ඉහත සබැඳුම් ක්‍රියාත්ම නොවන්නේනම් පමණක්



Buzz Radio
  Million Songs with Hundreds of DJs
www.buzzradio.lk | බස්රේඩියෝ.ලංකා
info@BuzzRadio.lk

 අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත